ඕස්ට්‍රේලියාව ලොව අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑමට හිමිකම් කියයි

Published on

ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඕස්ට්‍රේලියාව පළමු තැනට පත්ව තිබෙනවා.

මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ, නිව් සවුත් වේල්ස් වෙරළට ඔබ්බෙන් පිහිටි ලෝඩ් හෝව් ගුවන් තොටුපළයි.

සිඩ්නි සහ බ්‍රිස්බන් ප්‍රාන්ත දෙකෙහිම වෙරළට කිලෝමීටර් 700 ක පමණ දුරින් පිහිටි කුඩා ක්‍රොසෙයින්ට් හැඩයෙන් යුත් දූපතක පිහිටි මෙම ගුවන් තොටුපළ දිගින් කිලෝමීටර් 11 ක් සහ පළල කිලෝමීටර් 2 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

දේශීය ගුවන් ගමන් පමණක් ඇති මෙම කුඩා දූපත් ගුවන්තොටුපළ සශ්‍රීක හරිත කඳු සහ ටස්මන් මුහුදේ නිල් පැහැති ජලය අතර පිහිටා ඇති ධාවන පථයකින්ද සමන්විතයි.

එමෙන්ම, මෙය ඔස්ට්‍රේලියාවේ කෙටිම ගුවන් පථය හිමි ගුවන් තොටුපළ බවද සඳහන්.

මෙම ලැයිස්තුවේ දෙවන තැන නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් ගුවන් තොටුපළ ගන්නා අතර, පෘතුගාලයේ මඩෙයිරා සහ ඇමරිකාවේ පිට්කින් කවුන්ටි ගුවන් තොටුපළ පිළිවෙලින් තුන්වන සහ හතරවන තැන ගන්නවා.

Latest articles

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අගමැති රෝහලට

පසුගියදා අළුයම ගැරඬිඇල්ලේ දී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ...

More like this