නිල සංඛ්‍යාලේඛනවලට අනුව, කහ උණ රෝගයෙන් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය යාමෙන් පසු කොලොම්බියාව රට පුරා සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම වසංගතය අතරතුර කොලොම්බියාවේ මේ දක්වා කහ උණ රෝගීන් 74 දෙනෙකු තහවුරු වී ඇති බවත්, කොලොම්බියාවේ නොමිලේ ලබා දෙන එන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ඒ අනුව පාස්කු නිවාඩුවට පෙර එන්නත්කරණයට ලක්වන ලෙසට එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට වේ.
සෞඛ්‍ය අමාත්‍ය ගිලර්මෝ ඇල්ෆොන්සෝ ජරමිලෝ පැවසුවේ අධි අවදානම් සහිත ප්‍රදේශවලට යන අය එන්නත් කිරීමේ සාක්ෂි පෙන්වීමට අවශ්‍ය වනු ඇති බවයි.
කහ උණ රෝග ලක්ෂණ අනෙකුත් උණ රෝගී තත්ත්වයන්ට බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් කහ උණ ආසාදිතයෙකු හඳුනා ගැනීම තරමක් අසීරු වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කහ උණ ආසාදිතයින් බහුතරයක් එහි පළමු අදියරයේ දී ඉන් සුවය ලබන බව කියයි.
කෙසේ වුවද 15%ක පමණ ආසාදිතයින් පිරිසක් උග්‍ර කහ උණ රෝගී තත්ත්වයට මුහුණ දෙන අතර, ඉන් අඩක් දින 10ත් 14ත් අතර කාලයක දී මිය යන බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.
මෙම කහ උණ ආසාදනය වන්නේ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන වෛරසයක් මගින් වන අතර එන්නත්කරණයෙන් මෙම කහ උණ ආසාදනයවීම වළක්වා ගැනීමේ හැකියාව පවතිනු ඇත.