පසුගිය 07වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොටුව අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවටයි ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේ.
පසුගියදා මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව අනාවරණය වූයේ මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි.
එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක පැවසුයේ.
මෙහිදී සැකකාර ලොහාන් රත්වත්තේ වෙත බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට මෙන්ම අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ දෙදෙනාට මරණීය තර්ජනය කළ බවටද අදාළව නඩු දෙකක් ගොනුකර ඇති අතර, ඒ අනුවයි ඔහු 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ.