ෆ්ලොරිඩාවේ ගුවන්යානයක් කඩා වැටී සිදු වූ අනතුරින් 03කු ජිවිතක්ෂයට

Published on

ෆ්ලොරීඩාවේ බොකා රැටන් ප්‍රාදේශීය ගුවන් තොටුපළ අසල ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 03කු මියගොස් තිබෙනවා.

එම අනතුර සිදු වූ ප්‍රදේශය ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති අතර, මේ වනවිට එම ගින්න පාලනය කර අවසන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සෙස්නා 310R වර්ගයට අයත් මෙම යානය එරට වේලාවෙන් පෙ.ව. 10 ට ගුවන් තොටුපළෙන් පියාසර කර ප.ව. 1.02 ට ප්‍රාන්තයේ උතුරේ ටලහසී වෙත ගොඩබෑමට නියමිතව තිබුණා.

ෆ්ලයිට් රේඩාර් 24 ගුවන් ගමනාගමන දත්තවලට අනුව, එය බොකා රැටන් නගරයට ඉහළින් ගමන් කර විනාඩි 20 ක් පමණ ගත කළ අතර, පසුව ගුවන්තොටුපළ කරා ආපසු යාමට උත්සාහ කළ අවස්ථාවේ දීයි කඩා වැටී ඇත්තේ.

සිද්ධිය වූ ස්ථානයේ සිටි එක් නිලධාරියෙකු කියා සිටියේ, යානය මෝටර් රථයක ගැටී ඇති බවත්, එය අසල දුම්රිය මාර්ගය වෙත ඇදී ගොස් අනතුරට ලක් වූ බවයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this