අප්‍රේල් 12 වනදා සිට චීනය සියලුම ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 84% සිට 125% දක්වා ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම, වොෂින්ටනය විසින් මෙතැනින් නිවේදනය කරන ලද තවත් වැඩිවීම් නොසලකා හැරීමට සැලසුම් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.
ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපදයට දුර්ලභ පස් අපනයනය නතර කර ඇති අතර, දුර්ලභ පස් බොහොමයක් එක්සත් ජනපද අධි තාක්‍ෂණික කර්මාන්ත සඳහා ඉතා වැදගත් වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු 145%ක් වන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා රටවල් 60ක් වෙත පැන වූ 10% සිට 50%ක් දක්වා වූ තීරු බදු පැනවීම ඊයේ සිට ක්‍රියාත්මක වූ අතර, චීන භාණ්ඩ වෙනුවෙන් 104%ක දැවැන්ත තීරු බද්දක් පැනවීම ද එහි අන්තර්ගතයි.
කෙසේ වෙතත් චීනය විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු භාණ්ඩ වෙත පනවා තිබු 34%ක් වූ තීරු බදු ප්‍රතිශතය 84%ක් දක්වා තවදුරටත් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.
එම බදු ඉහළ දැමීමට ප්‍රතිචාරයක් ලෙසින් ජනපති ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ චීන ආනයන භාණ්ඩ මත පැනවූ 104%ක දැවැන්ත තීරු බදු පැනවීම 125%ක් දක්වා ඉහළ දමන ලෙසයි.