අපි කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය වෙන්නේ නෑ – චීනය

Published on

චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළා.

අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ ඒ රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට ද විරුද්ධ වීමක් බවයි චීනය පවසන්නේ.

එමෙන්ම ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය, රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානි දායක වන අතර, එය ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට දරුණු පහරක් බවද චීනයේ අදහසයි.

එමෙන්ම ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථිකමය හිරිහැර කිරීම කෙරෙහි ජගත් ප්‍රජාවේ පොදු විරුද්ධත්වය පළ වී ඇති අතර ඇමරිකාවේ එම ක්‍රියාකලාපයට චීනය ද දැඩි ලෙස විරුද්ධ වන බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

එමෙන්ම බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමඟ කටයුතු කිරීමේ නිසි ක්‍රමයක් නොවන බවත් චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.

එසේම ඇමරිකාව දෙරටේ හා ජගත් ප්‍රජාවේ ජයග්‍රහණ නොසලකා තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය ඊට ප්‍රතිපියවර ගනු ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this