සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් ගණන 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් තවත් 155 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් ආණ්ඩුකාරවරයෙකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු මියගිය පිරිස අතර වන බව සඳහන්.
වහලය කඩා වැටෙන අවස්ථාවේ එහි ගායනයේ යෙදී සිටි ප්‍රකට ගායකයෙකු සුන්බුන් අතර සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ජෙට් සෙට් යනු නිතිපතා නර්තන සහ සංගීත ප්‍රසංග පවත්වන අගනුවර ඇති ජනප්‍රියම රාත්‍රී සමාජ ශාලාවකි.
අනතුර සිදුවන අවස්ථාවේ දී විශාල පිරිසක් එහි රැඳී සිට ඇති අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා 400ක පිරිසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව සඳහන්.