චීනයට අද සිට අමෙරිකාවෙන් 104% ක තීරු බදු පනවයි

Published on

චීනයට අද (09) සිට 104% ක තීරු බදු පැනවෙන බවට ධවල මන්දිරය නිවේදනය කළ බව මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අනාවරණය කර තිබෙනවා.

එය මෙරට වේලාවෙන් අද ‍පෙරවරු 9.30 සිට එය බලාත්මක වනු ඇති.

ඒ අනුව චීනය ඇමරිකානු අපනයන සඳහා 34% ක තීරු බදු පැනවීමට පළිගැනීමක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ධවල මන්දිරය පැවසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක්, තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

එමෙන්ම වෙළෙද යුද්ධයක් හරහා කිසිවෙකුට ජයක් නොලැබෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළා.

අමෙරිකාව චීනයට අවස්ථා දෙකකදී පැනවූ 54%ක තීරු බදුවලට එරෙහිව චීනයද අමෙරිකාවට 34%ක ප්‍රති තීරුබදු පැන වූ අතර ඊට විරෝධය පළ කළ අමෙරිකානු ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ පැය 24ක් තුළ චීනය තීරුබදු ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාව චීනයට පනවන තීරුබදු 104% ක් දක්වා ඉහළ නංවන බවයි.

කෙසේ නමුත් චීනය එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this