චීන ජාතික විදේශ විනිමය පරිපාලනය ඊයේ(7) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය මාර්තු මාසයේ අවසානය වන විට, චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 3.24ක්ව තිබෙනවා.
එය පෙබරවාරි මාසය හා සැසඳීමේදී 0.42%ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ.
එමෙන්ම චීනයේ විදේශ විනිමය සංචිතය මාස 16ක් පුරා අඛණ්ඩව ඇ.ඩො. ට්‍රිලියන 3.2 ඉක්මවා ඇති බවත් නවතම වාර්තාවන්හි දැක් වේ.
මේ අනුව චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙසට ස්ථාවරව පවතින බවත් ඒ හරහා රට තුළ උසස් ගුණාත්මක සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කෙරෙන බවත් චීන වාර්තාවල සඳහන්.
මෙම තත්ත්වය විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහායක් බවයි චීන ජාතික විදේශ විනිමය පරිපාලනය පෙන්වා දී ඇත්තේ