ඇමරිකාව ඇතුළු විදේශ ආයෝජන ව්‍යවසායන්හි සුරක්ෂිතතාව අඛණ්ඩව තහවුරු කරන බව චීනය කියයි

Published on

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා.

චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා වන නියෝජ්‍ය නියෝජිත Ling Ji මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි පැවති රැස්වීමක දී මේ බව අනාවරණය කෙරුණා.

චීන වාණිජ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා Tesla, GE HealthCare සහ Medtronic ඇතුළු 20කට වැඩි ඇමරිකානු සමාගම්වල නියෝජිතයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

චීනය ඇතුළු සියලු වෙළඳ හවුල්කරුවන්ට අයුතු ලෙස තීරුබදු පැනවීමට ඇමරිකාව පසුගියදා ගත් පියවරට චීන රජය දැඩි ලෙස විරුද්ධ වන බවත් ඊට එරෙහිව කඩිනම් පියවර ගෙන ඇති බවත් Ling Ji මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

එමෙන්ම ගෝලීය නිෂ්පාදන සහ සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, ඇමරිකානු සමාගම් තාර්කික හඬක් නගා ප්‍රායෝගිකව ප්‍රතිචාර දක්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

තවද, චීන වාණිජ අමාත්‍යංශය සැමවිටම, ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජනයන් හි නිරත සියලු ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව ද චීන වාණිජ උප අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අතීතයේ සේම වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද චීනය අඛණ්ඩවම විදේශ ආයෝජන සඳහා පරමාදර්ශී, ආරක්ෂිත සහ ජයග්‍රාහී සාරවත් භූමියක් වන බවයි Ling Ji මහතා මෙම රැස්වීමේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this