මියන්මාරයේ සයිබර් කඳවුරුවල හිර වූ තවත් ශ්‍රී ලාංකිකයන් 12ක් ගැන හෙළිදරව්වක්

Published on

මිනිස් ජාවාරම්වලට ගොදුරු වී මියන්මාරයේ සයිබර් කඳවුරුවල රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 12දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් වෙනවා.

ඒ බව පැවසුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසිනුයි.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පවසා සිටියේ කිසියම් පුද්ගලයෙකු විදේශ රැකියාවක් සඳහා යාමට අපේක්‍ෂා කරන්නේ නම් තමන් රැකියාව සඳහා යන ස්ථානය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් කරන මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මීට පෙරද මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 30කු පසුගිය නොවැම්බර් 25 බේරාගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම බේරාගත් ලාංකික පිරිස අතරට කාන්තාවන් 8 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 24 දෙනකු ඇතුළත් බවයි.

කෙසේ නමුත් මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමං වූ මෙම ශ්‍රී ලාංකිකයන් තිස්දෙනා බේරාගත්තේ මියන්මාර සහ ශ්‍රී ලංකා බලධාරීන් සම්බන්ධීකරණ මෙහෙයුමක් මඟින් බවයි අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්නවා දුන්නේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this