සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් ඊයේ (6) කොළඹ දී සිදුව තිබෙනවා.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි කියවෙන්නේ.
විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ බවයි.
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදින්, පලනි දිගම්බරම්, අජිත් පී. පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.