ඩොනල්ඩ් ලූ ඇතුළු පිරිස ලංකාවට

Published on

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් ඊයේ (05) දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරන ගුවන් යානයෙනුයි මෙරටට පැමිණ ඇත්තේ.

ඩොනල්ඩ් ලූ ඇතුළු පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබු බව සඳහන්.

මෙම සංචාරයේ දී තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම හා අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති.

එසේම. අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දෙසැම්බර් 10 වන දින දක්වා මෙරටට අමතරව ඉන්දියාව සහ නේපාලය යන රටවල ද සංචාරය කිරීමට නියමිතයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි.

මීට අමතරව දිවයිනට පැමිණි මෙම පිරිස මෙරට නව පරිපාලනයේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් පිරිසක් ද හමුවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සංචාරයේ දී වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අමෙරිකා එක්සත් ජනපදය සහය විය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇති.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this