කොළඹ හැර ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව අද ( 06) දිනය තුළ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06.00 වන විට කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 96 – 106 ත් අතර පැවති බවයි පවසන්නේ.
එසේම 44 සහ 106 අතර වායු තත්ත්ව දර්ශකයක් අනෙකුත් ප්‍රදේශවල පවතිනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරෙනවා.
එම නිවේදනයේ වැඩි දුරටත් පවසන්නේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට නුවරඑළියේ වාතයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.