ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨ ගණකාධිකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලේ ශ්‍රී ලාංකිකාවකුත්

Published on

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකරණ ආයතනයක් වන (IPA) විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශිෂ්ඨ ගණකාධිකාරවරුන් ඇගයීමේ සම්මාන උළෙලක දි පිරිනමන IPA Member of The Year සම්මානය මෙවර ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියකට හිමිව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරියක් වන අමා අබේවික්‍රමටයි මෙම සම්මානය හිමිව තිබෙන්නේ.

සිය සාමාජික ප්‍රජාවගේ විශේෂ ජයග්‍රහණ අගය කිරීම උදෙසා මෙම ගණකාධිකරණ ආයතනය (IPA) පවත්වනු ලබන වාර්ෂික ජාතික සම්මේලනය අතරතුර දී මෙම සම්මානයන ප්‍රදානය කරනු ලබන්නේ.

සම්මානයට පාත්‍ර වූ අමා අබේවික්‍රම 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත පැමිණ ඇති අතර ඇය තමන්ගේම නමින් සමාගමක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

මේ සම්බන්යෙධන් කළ කරුණු විමසීමකදී ඇය පවසා තිබුණේ ඕස්ට්‍රේලියාව තුළ සමාගමක් පවත්වාගෙන යාමේ දී තම ස්වදේශීය භාෂා පසුබිම හේතුවෙන් මුල්කාලීනව අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවයි.

මේ වනවිට අමා දකුණු ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මූල්‍ය සැලසුම් පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින බවයි කියැවෙන්නේ.

වැඩි විස්තර සඳහා පහත යොමුවෙන් පිවිසෙන්න >>> https://publicaccountant.com.au/features/ipa-members-accountancy-finance/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR26O-JijHOzaf3PA_1-lCpnozosRoXlW7i04EdXxwp-yP7VK6lFZtx0DEY_aem_QhXPQuQB8_npmGLvqpCWew

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this