ඉන්දීය සම්භවයක් ඇති ගගනගාමී සුනීතාට මෝදිගෙන් ලිපියක්

Published on

ඉන්දීය සම්භවයක් ඇති නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනපේක්ෂිත ලෙස මාස නවයකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටි ඇය සහ ඇගේ සහායක ගගනගාමී බුච් විල්මෝල් ඊයේ (19) යළි පෘතිවියට පැමිණීමෙන් පසුවයි.

අදාළ ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, සිය අමෙරිකානු සංචාරවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩ්න්ගෙන් සුනීතා නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් ද සාකච්ඡා කළ බවයි පවසා තිබුණේ.

එමෙන්ම ඇය ඉන්දියාවට ආඩම්බරයක් බව ද මෝදි එහි පවසා තිබෙනවා.”බිලියන 1.4ක ඉන්දියානුවන් සැමවිටම ඔබගේ ජයග්‍රහණ ගැන මහත් ආඩම්බරයෙන් සිටිනවා.

මෑත කාලීන වර්ධනයන් නැවතත් ඔබගේ ආශ්වාදජනක ධෛර්යය සහ නොපසුබට උත්සාහය පෙන්නුම් කරනවා,” යනුවෙන් එහි සඳහන් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, “ඔබගේ නැවත පැමිණීමෙන් පසු, අපි ඔබව ඉන්දියාවේදී දැකීමට බලා සිටිමු.
ඉන්දියාව තම වඩාත්ම කීර්තිමත් දියණියකට සත්කාරකත්වය දැක්වීම සතුටක් වනු ඇත.” යනුවෙන්.

Latest articles

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

More like this