නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රි ලංකාව අතර දෙවන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
දිවා රාත්‍රී තරඟයක් ලෙස හැමිල්ටන් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරඟය පැවති වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් ප්‍රමාද වීයි ආරම්භ කිරිමට සිදු වුණේ.
මේ අනුව එක් ඉණිමක් පන්දුවාර 37කට සීමා කිරීමට තරඟ තීරක තීරණය කරනු ලැබුවා.
මෙම තීරණයක් සමග පන්දු යවන්නන් දෙදෙනෙකුට පමණක් උපරිමය පන්දුවාර 8ක් යැවිය හැකි වන අතර පන්දු යවන්නන් තිදෙනෙකුට උපරිම පන්දුවාර 7ක් යැවීමට අවස්ථාව හිමිවනවා.
මේ අනුව නවසීලන්ත වේලාවෙන් පස්වරු 4ට පමණ තරඟයේ කාසියේ වාසිය විමසා බැලූ අතර එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කළා.
අද තරඟයට ලහිරු කුමාර වෙනුවට මහීෂ් තීක්ෂණ ශ්‍රි ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මිච් හේ වෙනුවට ටොම් ලෙතම් නවසීලන්ත කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
පළමු තරඟය පරාජයට පත් වූ ශ්‍රි ලංකා කණ්ඩායමට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.