නවසීලන්ත කණ්ඩායම පළමු එක්දින තරඟයේ කඩුලු 9ක ජයක්

Published on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟය කඩුලු 9කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

වෙලිංටන් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කරනු ලැබුවා.

අද දිනයේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංගට ශ්‍රී ලංකාව⁣ වෙනුවෙන් එක්දින වරම් හිමි වුවා.

මේ අනුව නවසීලන්තයේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් ,ජනිත් ලියනගේ ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 35ක් රැස් කර ගනු ලැබුවා.

පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4ක් බිද හෙලූ අතර ජේකබ් ඩූෆි සහ නේතන් ස්මිත් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

ලකුණු 179ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් බිද වැටී ලකුණු 180ක් රැස් කරමිනුයි ජය වාර්තා කළේ.

එහිදී විල් යන්ග් නොදැවී ලකුණු 90ක් සහ රචින් රවින්ද්‍රා ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදි චමිදු වික්‍රමසිංහ එක් කඩුල්ලක් බිද හෙලනු ලැබුවා.

ඒ අනුව මෙම තරඟය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූවා.

තරඟයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ මැට් හෙන්රි විසිනි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this