පාපැදි ක්‍රීඩාව නංවන්න ඇමතිගේ අවධානය

Published on

ගැටලු රාශියකට මුහුණ දී ඇති පාපැදි ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අතර සාකච්ඡාවක් අද (03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුලු ක්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර පාපැදි සම්මේලනයට අනුබද්ධ ආරාධිත සංගම්/සමාජ 66 ට අයත් නිලධාරීන් ද මෙම අවස්ථාවට සම්බන්ධ වි සිටියා.

පාපැදි සම්මේලනය තුළ පවතින ගැටලු සහ පාපැදි ක්‍රීඩාව තුළ පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමත්‍යවරයා, අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වන බව ද අවධාරණය කළා.

එමෙන්ම පා පැදි සම්මේලනයේ සාමාජිකයින් අතර ඇති ගැටලු පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවත්, ඉන්පසු පාපැදි කමිටුව පත් කිරීම, ඉන්පසු සම්මේලනය කැඳවා, නිලවරණයට පැවැත්විය හැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.

වර්තමානයේ ඇතිවී ඇති අර්බුද හේතුවෙන් ක්‍රීඩාව අඩාල වීමට ඉඩ තැබිය නොහැකි බවත් , පසුගිය කාලයම සම්මේලනවල, සංගම්වල අර්බුද විසඳීමට වැය වූ බවත්,අමාත්‍යාවරයා මෙහිදි පෙන්වා දුන්නා.

සංගම් තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර බල අරගලවලින් ක්‍රීඩාවට අයහපතක් මිසක් කිසිඳු යහපතක් සිදු නොවන බැවින් සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාගනිමින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this