බංගලාදේශ පන්දුවාර 20යි 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් නජ්මුල් හුසේන් ෂැන්ටෝ ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ ඉල්ලා අස්වීම බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෆරුකී අහමඩ් තහවුරු කළා.
එමෙන්ම ඉදිරි කාල සීමාවේ පන්දුවාර 20යි 20 තරඟ තවමත් සැළසුම්වල නොමැති බැවින් නව නායකයා සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවයි බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් ෂැන්ටෝ තවදුරටත් බංගලාදේශ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය දරනු ඇති.