ශ්‍රී ලංකාවට අද තරඟයේ විශිෂ්ට ජයක්

Published on

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් T20 තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූවා.

අද තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 218ක් රැස් කරගත්තා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.

එය මේ වසරේ ක්‍රීඩකයෙක් රැස් කළ පළමු පන්දුවාර 20යි 20 ශතකය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් රැස් කළ තුන්වන ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ශතකය මෙය වනවා.

මීට පෙර මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ අතර ඉන් වසර 13කට පසු මෙම ශතකය රැස්කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17ක්ද, නායක චරිත් අසලංක ලකුණු 46ක්ද, ලබා ගෙන තිබෙනවා.

අනතුරුව ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිළට සිය පන්දුවාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211 ක් පමණි.

එහිදී, Rachin Ravindra ලකුණු 69ක්ද, Mitchell ලකුණු 35ක්ද, Tim Robinson ලකුණු 37ක්ද, , Mark Chapman ලකුණු 09ක්ද, Daryl Mitchell Hay ලකුණු 08ක්ද, Glenn Phillips ලකුණු 06ක්ද, Michael Bracewell එක් ලකුණක්ද, නායක Mitchell Santner නොදැවී ලකුණු 14ක්ද, Zakary Foulkes නොදැවී ලකුණු 21ක්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක කඩුළු 03ක්ද, වනිඳු හසරංග කඩුළු 02ක්ද, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින්ද දවා ගත් බව සඳහන්.

තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20 අවසන් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් ,මීට පෙර පැවති තරඟ 02 ම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ බැවින් සමස්ථ තරඟාවලියේ ජය නවසීලන්තයටයි හිමිවුණේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this