සුපුරුදු පරිදි දෙවන තරඟයේ ජයත් නවසීලන්තයට

Published on

ශ්‍රි ලංකාව සමග පැවත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදි ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද පැවති දෙවන පන්දුවාර 20යි 20 තරඟයද ලකුණු 45 කින් ජයගනිමින්.

නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළා.

අද තරඟයට භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රි ලංකා සංචිතයට කැඳවා තිබුණා.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 186ක් රැස් කළා.

එහිදී මාර්ක් චැප්මන් ලකුණු 42ක් සහ ටිම් රොබින්සන් ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේදි වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත් අතර මතීෂ පතිරණ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායමින් පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 48ක් ,පැතුම් නිස්සංක ලකුණු 37ක් සහ නායක චරිත් අසලංක ල කුණු 20ක් රැස් කළා.

අනිත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු රැස්කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ජේකබ් ඩුෆි කඩුලු 4ක් බිද හෙලුවා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදි තරඟ 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this