නවසීලන්ත සහ සංචාරක ශ්රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරඟය අද(30) පැවැත් වීමට නියමිතයි.
ඒ නවසීලන්තයේ බේ ඕවල් ක්රීඩාංගණයේදීයි.
තරඟාවලියේ පළමු තරඟය ලකුණු 8කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20යි 20 තරඟ 5න් 4ක් නවසීලන්තය ජය ගෙන තිබෙන බව සඳහන්.
තරඟය ශ්රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වනවා.