2024 වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන සම්මාන සදහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (28) දිනයේ ආරම්භ කළා.
මේ අනුව වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් නම් කෙරුණා.
අද දිනයේ ප්‍රකාශිත නිර්දේශිත නාමයන්ට අනුව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ වි තිබෙනවා.
එමෙන්ම 2024 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා චමරි අතපත්තු නම් කර ඇති බව සඳහන්.
මීට අමතරව චමරි අතපත්තු වසරේ පන්දුවාර 20යි 20 ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහාද නිර්දේශ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.