2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් නිර්දේශ වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් එළි දැක්වීම අද (28) ආරම්භ කළ අතර ඒ අනුවයි ඔහු මෙලෙස තේරී පත්ව ඇත්තේ.
කමිදු මෙන්ඩිස්ට අමතරව පාකිස්තානයේ සයිම් අයුබ්, බටහිර ඉන්දිය කොදෙව් හි ෂෙමාර් ජෝෂප් සහ එංගලන්තයේ ගස් ඇට්කින්ස්ටන් මෙම සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ඇතුළත්.
ප්‍රේක්ෂක මනාපයෙන් මෙම සම්මානය පිරිනමන අතර පහත ලින්ක් එක හරහා මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.
https://www.icc-cricket.com/awards/icc-awards-of-the-year-2024