මෙරට ක්‍රීඩාව සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහාය පළ කර තිබෙනවා.
කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (26) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්වුණා.
මෙම අවස්ථාවට කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරිබල් ඩුරාටේ ගොන්සාලේස්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ද සහභාගී වූ බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ සහය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සේලෝ මෙහිදී ප්‍රකාශ කළා.
දෙරට අතර පැවති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කරන බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළ අතර, අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙසත් සහ ආණ්ඩුව ලෙසත් ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබා දෙන බවත් අමාත්‍යාවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.