ශුරයින්ගේ කුසලානයේ ඉන්දීය තරඟ පැවැත්වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනේ

Published on

ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය තරඟ පැවැත්වීම සදහා මධ්‍යස්ථ ස්ථානය ලෙස සත්කාරක පාකිස්තානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරාගෙන තිබෙනවා.

මේ අනුව ලබන වසරේ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන සියලු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාකිස්තානයේ සංචාරය කිරීමට විරෝධය පල කිරීම හේතුවෙන් තරඟාවලිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා.

ඒ අනුව පසුගියදා තීරණය කරනු ලැබුවේ ඉදිරියේදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සියලු තරගාවලි තරඟාවලිවලදී පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟ මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටත්, ශුරයන්ගේ කුසලාන තරඟාවලියේ ඉන්දීය තරඟ මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටයි.

මේ අනුව ශුරයන්ගේ කුසලානතරඟාවලියේ ඉන්දීය පාකිස්තානය අතර පළමු වටයේ පළමු තරඟය පෙබරවාරි 23 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this