කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන නෞකාවක් කුණාටු සහිත තත්ත්වයකට හසු වී අනතුරට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එම යාත්‍රාවේ ටොන් 4,000කට වැඩි mazut ලෙස හැඳින්වෙන අඩු ශ්‍රේණියේ බැර ඉන්ධන තෙල් අඩංගු ටැංකි දෙකක් තිබු බවයි වාර්තා වන්නේ.
ඉන් එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා.
ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු මේ වනවිටත් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
දෙවන ටැංකියේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනා බේරා ගැනීමට මේ වන විටත් මෙහෙයුම් සිදු කෙරෙමින් පවතිනවා.