ප්‍රංශයට අයත් ‘මයෝට්’ දූපතේ ඇති වූ සුළි කුණාටුවෙන් මියගිය ගණන අවිනිශ්චිතයි

Published on

ප්‍රංශයට අයත් ‘මයෝට්’ දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාවේම සඳහන් වන්නේ එය 1,000 කට ආසන්න විය හැකි බව මයෝට් ප්‍රාන්ත නායක ෆ්‍රැන්කොයිස්-සේවියර් බියුවිල් ප්‍රාදේශීය පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙන බවයි.

මෙම දූපත ආශ්‍රිත කලාපයට එල්ල වූ චිඩෝ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 225 (පැයට සැතපුම් 140) ට වඩා වැඩි සුළං වේගයකින් හමාගොස් තිබෙන බව සඳහන්.

එමගින් දූපතේ ජනාවාස සම්පූර්ණයෙන්ම විනාශ වී සමතල වී ඇති බවයි පවසන්නේ.

එහි තාවකාලික නිවාසවල ජිවත්වන බොහෝ දිළිඳු ජනතාවයි මින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ.

මයෝට් දූපතේ ජනගහනය තුන්ලක්ෂ විසිපන්දහසක් පමණ වේ.

ඔවුන්ට මේ වන විට ආහාර, ජලය සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවී ඇති අතර, බහුතර ජනතාව අවතැන් තත්ත්වයේ පසුවන බව සඳහන්.

කුණාටුව හේතුවෙන් කඩා වැටුණු විදුලි රැහැන් නිසා විදුලි සැපයුමද බොහෝ සෙයින් අඩාල වී ඇති අතර යටිතල පහසුකම්වලට පුළුල් ලෙස හානි සිදු වී ඇති නිසා ගමන් කළ නොහැකි මාර්ග ඇතුළුව හදිසි මෙහෙයුම්වලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this