බරපතල අපරාධ කළ දස හැවිරිදි දරුවන්ටත් දෙන සිර දඬුවම් ගැන ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයක් ගත් තීරණය

Published on

වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන්ටද වැඩිහිටි සිර දඬුවම් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ (12) පාර්ලිමේන්තුව මෙම පනත සම්මත කර තිබුණා.

ඒ අනුව මිනීමැරුම්, බරපතල පහරදීම් වැනි අපරාධවලට වරදකරු වුවහොත් වැඩිහිටියන්ට සමාන දඬුවම්වලට එම වයස්වල පසුවන ළමයින්ටද යටත් වීමට සිදුවන පරිදි ඔස්ට්‍රේලියාවේ මෙම ප්‍රාන්තය මඟින් නීති සම්මත කර තිබෙනවා.

එහිදී එම වයස්වල පසුවන ළමයකු මිනීමැරුම් සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ තරුණ පිරිස් විසින් සිදු කරනු ලබන අපරාධ වැළැක්වීමක් ලෙස මෙවන් දැඩි දඬුවම් නියම කිරීමේ නීති ක්‍රියාත්මක කළ බවයි.

දැඩි දඩුවම් මගින් තරුණ අපචාර අඩු නොවන බවයි ඊට ප්‍රතිචාර වශයෙන් ඇතැම් පිරිස් අවධාරණය කර ඇත්තේ.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම නව ප්‍රතිසංස්කරණය විවේචනය කර ඇති බව සඳහන්.

ඒවා ළමා මානව හිමිකම් පිළිබඳ සම්මුතීන් නොසලකා හැර ඇති අතර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය පවසනවා.

මෙම නීති ප්‍රාන්තය පුරා අනාරක්ෂිත යැයි හැඟුණු සහ තරුණ අපරාධවලට ගොදුරු වූ සෑම ක්වීන්ස්ලන්ත වැසියෙකු සඳහාම වන බවයි ක්වීන්ස්ලන්ත අගමැති ඩේවිඩ් ක්‍රිසාෆුලි සඳහන් කර තිබුණේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this