ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංග පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 4 වන ස්ථානයේයි ඔහු රැඳීසිටින්නේ.
පන්දුවාර 20 පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ පස්වන ස්ථානයේ සිටිනවා.
එසේම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි කමිදු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 06 වන ස්ථානය වන අතර එහි පළමු තැන හා දෙවන තැනට පත්ව සිටින්නේ පිළිවෙලින් එංගලන්තයේ හැරී බෲක් සහ ජෝ රූට්ය.
ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වන ස්ථානයේ පසු වන්නේ ප්‍රභාත් ජයසූරියයි.
පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට හිමි ව ඇත්තේ එහි 11 වන ස්ථානය වේ.