ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා වෛද්‍ය ලාරා පීටර්සන් මහත්මිය සමඟ හමුවක් ඊයේ (12) දිනයේ බර්ලිනයේ දී පවත්වා තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡාව මගින් විශේෂයෙන් අවධානය යොමු කළේ සෞඛ්‍ය අංශයේ සහයෝගීතාව පුළුල් කිරීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ආයෝජකයින් මුහුණ දෙන ක්‍රියා පටිපාටිමය සහ ලියාපදිංචිය ආශ්‍රිත අභියෝගවලට විසඳුම් සෙවීම කෙරෙහිය.
එමෙන්ම අනුමත කිරීමේ ක්‍රියාවලීන් විධිමත් කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ වඩාත් ආයෝජක-හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නව රජයේ කැපවීම මෙම සාකච්ඡාව මගින් අවධාරණය කර තිබෙනවා.
එහිදී නියෝජ්‍ය අමත්‍යවරයා පැවසුවේ මෙම සම්බන්ධතාවය ගෝලීය හවුල්කාරිත්වයන් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ප්‍රවේශය සහ සෞඛ්‍ය සේවා සහ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතන සමඟ වැඩ කිරීමට රජයේ සූදානම නැවත තහවුරු කරන බවයි.
මෙම හමුවට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි ගරු වරුණි මුතුකුමාරණ මහත්මියද එක්ව සිටි බව සඳහන්.