ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක්

Published on

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අද (04) දින අරලියගහ මන්දිරයේ දීයි.

ඒ අනුව දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහියි අවධානය යොමු වී ඇත්තේ.

මෙහිදී ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කරනු ලැබුවා.

මෙහිදී ඔහු අවධාරණය කළේ සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳවයි.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළ අතර විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කරනු ලැබුවා.

එසේම අගමැතිනිය දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද අදහස් හුවමාරු කරගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයය පැවසුවේ.

වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා ඇතුළු ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී සිටි බව සඳහන්.

Latest articles

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

More like this