මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පේරු හිටපු ජනාධිපතිට වසර 15ක සිර දඬුවමක්

Published on

පේරු හි හිටපු ජනාධිපතිනි ඔලන්ටා හුමාලා හා බිරිඳ නඩීන් හෙරෙඩියාට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර 15 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ලීමා අගනුවර අධිකරණයක් ප්‍රකාශ කළේ, 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීම සඳහා හුමාලා, බ්‍රසීල ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් වෙතින් නීති විරෝධී අරමුදල් ලබාගෙන ඇති බවයි.

එමෙන්ම මොවුන් දෙදෙනා මෙම ව්‍යාපාර සඳහා ඔඩෙබ්‍රෙක්ට් සහ එවකට වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ රජයෙන් ඩොලර් මිලියන කිහිපයක් නීති විරෝධී දායකත්වයන් ලබා ගත් බවයි අධිකරණ විනිසුරුවන් සොයා ගෙන ඇත්තේ.

නඩු පවරන්නන් ඉල්ලා සිටියේ හුමාලාට වසර 20 ක සිර දඬුවමක් සහ හෙරෙඩියාට වසර 26 හමාරක සිර දඬුවමක් නියම කරන ලෙසයි.

වසර තුනකට වැඩි කාලයක් පැවති නඩු විභාගයකින් පසු, අධිකරණය අඟහරුවාදා දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි තීන්දුව ලබා දෙනු ලැබුවා.

හුමාලා තීන්දුවට පෞද්ගලිකව සහභාගී වූ අතර ඔහුගේ බිරිඳ වීඩියෝ සබැඳිය හරහායි එක්ව තිබුණේ.

මෙම තීන්දුව මගින් හුමාලා පසුගිය දශක දෙක තුළ දූෂණ සම්බන්ධයෙන් සිරගත කරන ලද තුන්වන පේරු හිටපු ජනාධිපතිවරයා බවට පත්වනවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this