ෆ්ලොරීඩාවේ බොකා රැටන් ප්‍රාදේශීය ගුවන් තොටුපළ අසල ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 03කු මියගොස් තිබෙනවා.
එම අනතුර සිදු වූ ප්‍රදේශය ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති අතර, මේ වනවිට එම ගින්න පාලනය කර අවසන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සෙස්නා 310R වර්ගයට අයත් මෙම යානය එරට වේලාවෙන් පෙ.ව. 10 ට ගුවන් තොටුපළෙන් පියාසර කර ප.ව. 1.02 ට ප්‍රාන්තයේ උතුරේ ටලහසී වෙත ගොඩබෑමට නියමිතව තිබුණා.
ෆ්ලයිට් රේඩාර් 24 ගුවන් ගමනාගමන දත්තවලට අනුව, එය බොකා රැටන් නගරයට ඉහළින් ගමන් කර විනාඩි 20 ක් පමණ ගත කළ අතර, පසුව ගුවන්තොටුපළ කරා ආපසු යාමට උත්සාහ කළ අවස්ථාවේ දීයි කඩා වැටී ඇත්තේ.
සිද්ධිය වූ ස්ථානයේ සිටි එක් නිලධාරියෙකු කියා සිටියේ, යානය මෝටර් රථයක ගැටී ඇති බවත්, එය අසල දුම්රිය මාර්ගය වෙත ඇදී ගොස් අනතුරට ලක් වූ බවයි.