චීනය ඇන්ටාක්ටික් ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම් සම්පූර්ණ කරයි

Published on

ඇන්ටාක්ටික් කලාපයේ ‍ගවේෂණ කටයුතු සඳහා එක්ව සිටි චීනයේ Xuelong නම් පර්යේෂණ නෞකාව එහි ප්‍රධාන මෙහෙයුම් සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා.

2024 වසරේ නොවැම්බර් මස 01 වන දින දකුණු චීන මුහුදේ ග්වැංඩොං පළාතේ ගුවන්ෂු අගනුවර සිට ඇන්ටාක්ටික් දක්වා ගමන් ආරම්භ කළ Xuelong නෞකාව නාවික සැතපුම් 27,000 ඉක්ම වූ දුරක් ආවරණය කරමින් ඊයේ (08) දින යළි ශැංහයි වෙත පැමිණ‍ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඇන්ටාක්ටික් කලාපයේ දින 159ක ගවේෂණ චාරිකාවක් අවසන් කරමින්.

මෙම ගවේෂණය පිළිබඳ අදහස් දක්වමින් ඊට එක් වූ පර්යේෂණ කණ්ඩා‍යමේ නා‍යක Wang Jinhui මහතා ප්‍රකාශ කළේ, ඇන්ටාක්ටිකාවේ පිහිටි Qinling චීන පර්යේෂණ මධ්‍යස්ථානයේ බලශක්ති ගබඩා පහසුකම් පිළිබඳවත් ඒ ආශ්‍රිතව පිරිසිදු බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහිත් මෙහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.

ඇන්ටාක්ටික් කලාපයේ අයිස් තට්ටු සහ පෙන්ගුයින් පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ දත්ත රැස් කිරීම ඇතුළු සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීමට මෙහිදී හැකි වූ බව ‍ඔහු පවසා තිබෙනවා.

තවද ඇන්ටාක්ටිකාවේ වේගවත් වෙනස්කම් පිළිබඳ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාස සඳහා ඵලදායී ප්‍රතිචාර ලබා ගැනීම ද මෙම ගවේෂණය තුළ මූලික වී තිබෙන බව සඳහන්.

එසේම මෙම පර්යේෂණ කණ්ඩා‍යම පවසන්නේ චීනයේ මූලිකත්වයෙන් සිදු කරන මෙම ගවේෂණ කටයුතු සඳහා රටවල් කිහිපයක් සම්බන්ධ කර ගෙන ඇති බවත්, ඒ ඔස්සේ විවිධ ජාත්‍යන්තර පර්යේෂණ හා සහයෝගිතා ව්‍යාපෘතිවල නිරත වන බවයි.

ඒ අනුව මෙම ගවේෂණය සඳහා ද දේශීය හා ජාත්‍යන්තර ආයතන 118 ක සාමාජිකයින් 516 දෙනෙකු එක්ව ඇති බවත් සඳහන් වේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this