පදවිය කාන්තා ඝාතතනයේ සුලමුල හෙළිවේ සැකකරුවන් ගිනි අවිය සමඟ අත්අඩංගුවට

Published on

පදවිය බලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ දී 73 හැවිරිදි කාන්තාවක් ඝාතනය කළ බව කියන සැකකරුවන් ඊට යොදා ගත් T56 ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද( 07) පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරුවන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

මීට අමතරව T56 ගිනි අවියට අයත් පතුරම් ගැබ සහ උණ්ඩ 08 ක් ද, විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ කිහිපයක් ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කර තිබුණේ, වැලිඔය පොලිස් වසමේ කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේ දීයි

ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසේ සිටින, මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බව කියන ඇගේ මිණිබිරියට වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණ තිබුණ ද වැරදීමකින් මෙම 73 හැවිරිදි කාන්තාවට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

ඝාතනයට යොදාගත් මෙම ගිනි අවිය, මීට පෙර මනුෂ්‍ය ඝාතන තුනක් සඳහා ද යොදාගත් බව ද සඳහන්.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this