මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්

Published on

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා.

උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ මියන්මාර රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීනය වහාම මෙම ආධාර ලබා දීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා ඊයේ පස්වරුවේ මේ බව තහවුරු කළා.

එමෙන්ම චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපතට ලක් වූ ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයීමට ද එක්ව තිබෙනවා.

ඒ වෙනුවෙන් චීන රතු කුරුස සංගමයේ මුදා ගැනීමේ කණ්ඩායම් අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා මියන්මාරය බලා ‍ගොස් ඇති බවත් සඳහන්.

රික්ටර් පරිමාණයේ ඒකක 7 ඉක්ම වූ ප්‍රබලත්වයක් සටහන් කරමින් පසුගිය 28 වනදා පස්වරුවේ මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පනයෙන් සිදු වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හා දේපළ හානි රැසක් වාර්තා වුණා.

එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ නවතම දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව ද 3000 ඉක්මවා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම සුන්බුන් අතර සිරවූ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.

Latest articles

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

More like this