වැසිකිලි වළක තිබී දැරියකගේ මළ සිරුරක් සොයා ගැනේ

Published on

ගම්පහ – අක්කරවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින වැසිකිලි වළක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන 14 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. 

තම දියණිය දෙසැම්බර් 02 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට දරුවාගේ මව ඊයේ ( 05) ගම්පහ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් මේ සම්බන්ධව තම දෙවන සැමියා සැක කරන බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ අනුව, නිලධාරීන් විසින් පැමිණිල්ල සහ විමර්ශනයේදී රැස්කරගත් අනෙකුත් තොරතුරු මත පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සමඟ කළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය ඝාතනය කර ඇගේ සිරුර නිවස පිටුපස ඉදිකරමින් පවතින වැසිකිළි වළට දමා කොන්ක්‍රීට් ලෑල්ලකින් වළ වසා දැමූ බවට පුද්ගලයා පාපොච්චාරණය කර තිබෙනවා.

මේ වනවිට අපරාධය සිදුවූ ස්ථානයට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධෙයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද සඳහන්.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this