ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයකු හා ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට

Published on

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල් සහ ඔහුගේ බිරිඳ අද (23) දින මිය ගිය බව හමාස් නිලධාරීන් පවසනවා.

පසුගිය පැය විසි හතර තුළ දී පමණක් එම ප්‍රහාරවලින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් නායකත්වයේ මාධ්‍ය උපදේශක තාහර් අල්-නෝනෝ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් බර්ඩවීල්ගේ මරණය ගැන ශෝකය පළ කර තිබුණා.

මේ අතර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලට වගකිව යුතු බවට හමාස් සංවිධානය එල්ල කරන චෝදනා ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, කටාර්, ඊජිප්තුව සහ ඇමරිකාව විසින් අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ඊශ්‍රායලය උල්ලංඝනය කළ බවට ද එම සංවිධානය විසින් චෝදනා කර තිබෙන බව සඳහන්.

ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල ලෙබනනයට ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කළ අතර එය නොවැම්බර් මාසයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වීමෙන් පසු ඇති වූ දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ දකුණු ලෙබනනයේ ඉරාන පිටුබලය ලත් මිලීෂියා සහ දේශපාලන කණ්ඩායමක් වන හිස්බුල්ලාට අයත් රොකට් විදින දුසිම් ගණනක් සහ අණදෙන මධ්‍යස්ථානයකට පහර දුන් බවයි.

ගුවන් ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබූ බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

හිස්බුල්ලා සහ පලස්තීන කණ්ඩායම් ඇතුළුව ලෙබනනයේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වන අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැත.

Latest articles

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

More like this