ප්‍රංශ අගමැති විශ්වාසභංගයකින් ධුරයෙන් ඉවතට

Published on

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමඟයි.

විශ්වාසභංගයෙන් අගමැති මිචෙල් බාර්නියර් බලයෙන් පහ කිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටී තිබෙන බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ප්‍රංශ ආණ්ඩුව 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙහි අංශ ගණනාවකට විපක්ෂයේ විරෝධයක් එල්ල වී තිබු පසුබිමක පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ මත විමසුමකින් තොරව අග්‍රාමාත්‍යවරයා සිය විධායක බලතල භාවිත කරමින් සමාජ ආරක්ෂණ මූල්‍යකරණයට අදාළ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම මෙම විශ්වාසභංගයට හේතු වූ බව කියයි.

ඔහුට එරෙහි යෝජනාව සම්මත වීමට ඡන්ද 288ක් අවශ්‍යව තිබූ අතර ඡන්ද 331 ක් ලැබීමත් සමග බහුතර අනුමැතියෙන් යෝජනාව සම්මත වී තිබෙනවා.

ඉන් අනතුරුව සභාවේ කටයුතු අවසන් කරමින්, ප්‍රංශ කතානායකවරිය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් වෙත භාර දෙන ලෙසයි.

එරට ජනාධිපති විසින් අගමැති පත් කර මාස තුනකට පසුවයි මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ.

ප්‍රංශ ආණ්ඩුවක් කෙරෙහි මෙලෙස පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ වැටී ඇත්තේ වසර 62කට පසුවයි.

එමෙන්ම මෙය ප්‍රංශයේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරනු ඇති නමුත් ජනාධිපති එමැනුවෙල්ගේ ධුරයට මෙම විශ්වාසභංගයෙන් ඍජු බලපෑමක් නොමැති බවයි එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ තනි කණ්ඩායමකට බහුතර බලයක් නොමැති නිසා අනුප්‍රාප්තික අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this