ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව සිදු කළ ප්‍රකාශ අසත්‍යයයි – කංචන

Published on

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව පසුගියදා රජය, දේශපාලන නියෝජිතයින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ පිළිබඳ ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තබමිනුයි විජේසේකර මහතා මේ බව කියා සිටියේ.

එම සටහන පහතින්,

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව පසුගියදා සිදු කරන ලද අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ පිළිබඳව

පසුගිය දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයේ නියෝජිතයන්, විවිධ දේශපාලන නියෝජිතයන්, සමාජ මාධ්‍ය නියෝජිතයන් සහ මාධ්‍ය මගින් පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අධිකරණය මගින් ලබා දී තිබු නියෝග ක්‍රියාත්මක නොකර බෙදුම්කරුවන්ට වාසි සහගත ලෙස කටයුතු කළ බව සහ අය විය යුතු මුදල් අය නොකර ගත් බව අසත්‍ය ලෙස ප්‍රකාශ කර සිටින ලැබුණි.

පසුගිය කාලයේ ලාභංශ ප්‍රතිශත පිළිබඳ තීරණ ක්‍රියාත්මක කිරීමේ දී, ඛනිජ තෙල් බෙදුම්කරුවන් පසුගිය 2022 වසරේ මාර්තු මස මහාධිකරණයේ සහ 2023 වසරේ අභියාචනාධිකරණය මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව තහනම් නියෝග දෙකක් ගනු ලැබුණි.

එම තහනම ඉවත් කරමින් අභියාචනාධිකරණය මගින් සංස්ථාවේ තීරණය ක්‍රියාත්මක කරන ලෙස 2024 වසරේ අගෝස්තු 30වන සිකුරාදා නියෝගයක් නිකුත් කරනු ලැබුණි.

එම නියෝගය විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සැප්තැම්බර් මස 2 වන සඳුදා ලබා දෙන ලැබුණි.

එම නියෝගය අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එම නියෝගය පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙසත් ඛනිජ තෙල් සංස්ථාවට එම නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුවත් කරනු ලැබුණි.

ඒ අනුව කටයුතු කිරීමේ දී ඛනිජ තෙල් බෙදුම්කරුවන් නැවත එම නියෝගයට අභියාචනයක් සැප්තැම්බර් මස දෙවන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එහි පළමු නඩු විභාගය සැප්තැම්බර් මස 18 වන දින සිදු විය.

සැප්තැම්බර් මස 23 වන දිනෙන් පසු පැවති රජය වෙනස් වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නව තීරණය, නීතිපතිවරයාගේ උපදෙස් හෝ ඛනිජ තෙල් සංස්ථාව ක්‍රියාත්මක කළ ක්‍රමවේදය පිළිබඳව මා හට අවබෝධයක් නොමැත.

යනුවෙන් එම සටහනේ සඳහන්.

Latest articles

දීමනා කප්පාදුව ගැන කියන්න GMOA එක දිලිත් ළගට යයි

2025 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදුව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්...

බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ සංගණනයක්

කෘෂිකාර්මික බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම,...

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉංග්‍රීසි භාෂාව නිල භාෂාව ලෙස නම් කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම්...

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කරන කණ්ඩායමක් ගැන CID විමර්ශන

ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින්...

More like this