ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක ආධාරයක් හිමිව තිබෙනවා.
මීට අදාළ අවබෝධතා ගිවිසුම මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තොස් ජා මහතා සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා අතර ඊයේ (15) මහකොමසාරිස් කාර්යාලයේදි අත්සන් තැබුණා.
මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට උතුර පළාතේ පොලිස් ස්ථාන වෙත අවම වශයෙන් තනි කැබ් රථ 80ක් සහ අමතර කොටස් හා උපාංග හිමිවන බවයි පැවසෙන්නේ.