ශ්‍රි ලංකාවෙන් නවසීලන්තයට ලකුණු 291ක ඉලක්කයක්

Published on

ශ්‍රි ලංකා නවසිලන්ත තුන්වන හා අවසන් එක්දින තරඟය මේ වන විට ඕක්ලන්ඩ් හිදි පැවැත්වෙනවා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නැහැ.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කළා.

එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, ජනිත් ලියනගේ ලකුණු 53ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4ක් සහ මිචෙල් සැට්නර් කඩුලු 2ක් බිදහෙලුවා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this