ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයට සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

Published on

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ස්ටීවන් ස්මිත්ටයි.

සිය දෙවන දරුවාගේ උපත අපේක්ෂාවෙන් සිටින බැවින් පැට් කමින්ස් මෙම තරඟාවලියෙන් ඉවත්ව ඇති බවයි පැවසෙන්නේ.

කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ ට්‍රැවිස් හෙඩ් වෙතයි.

මීට අමතරව ඉන්දීය තරඟාවලිය තුළ දැඩි කතා බහට ලක් වූ නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටස් මෙම සංච්තය තුළට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

⁣ෂෝන් ඇබට්, ස්කොට් බෝලාන්ඩ් ,ඇලෙක්ස් කේරි ,කූපර් කොන්ලි ,⁣ජොෂ් ඉංග්ලිෂ් යන ක්‍රීඩකයින්ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම උස්මාන් කවාජා ,මානස් ලබුචේන්ග්, නේතන් ලයන් ,මිචෙල් ස්ටාර්ක් සහ බේව් වෙබ්ස්ටර් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන ජනවාරි 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this