ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය දිවියට සමු දෙයි

Published on

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන ජනවාරි 9 වැනි දාට උපන්දිනය යෙදී තිබූ ඇය අභාවප්‍රාප්ත වනවිට 103වැනි වියේ පසු වුණා.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදීයි.

ජිම්නාස්ටික් ශූරියෙකු වූ ඇය ඔලිම්පික් රන් පදක්කම් 05ක් ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10ක්.

කෙ‍ලෙටි 1940දී පළමු හංගේරියානු ශූරතාව දිනා ගත් පසු ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලු ක්‍රීඩා කටයුතු කලක් තහනම්ව තිබුණා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this