ඕස්ට්‍රේලියානුවන් වංචාවට හසු කර ගන්නා අමුතු පාර්සලේ ගැන ඔබත් දැනුවත්ද

Published on

ඕස්ට්‍රේලියානුවන් වංචාවට හසු කර ගැනීමේ අමුතු ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් වන තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම නව වංචාවක කොටසක් ලෙස රෙදිපිළි පාර්සල්, පිරවූ සෙල්ලම් බඩු, ඉරා දැමූ රෙදි හෝ මල් පෙති වැනි වටිනාකමක් නොමැති අනවශ්‍ය පාර්සල් ඕස්ට්‍රේලියානුවන්ට යවනු ලැබේ.

එහිදී ලබන්නන් එම ඉවතලන ද්‍රව්‍ය ඉවත් කළ පසු ඔවුන් මිලදී නොගත් අහඹු, මිල කළ නොහැකි භාණ්ඩයක් සහිත පැකේජයක් ලැබෙන බවයි කියන්නේ.

එම පැකේජයේ QR කේතයක් අඩංගු වන අතර එමඟින් පුද්ගලයා කුතුහලයෙන් එය ස්කෑන් කිරීමට යොමු කරයි.

එහිදී එය ඔවුන්ව වංචනික බෙදා හැරීම් සිදු කරනා වෙබ් අඩවියකට ගෙන යනු ලබයි.

පසුව වංචාකරුවන්ට ඔවුන්ගේ විකුණුම් පැතිකඩ ඉහළ නැංවීම සඳහා සැබෑ ලබන්නාගේ නම යටතේ ඔවුන්ගේ ව්‍යාපාරය ගැන ව්‍යාජ සමාලෝචනයක් (fake review) ලිවීමටත්, එය “බෙදා හැරීමේ සනාථ බව පෙන්නුම් කරන සාක්ෂියක්” (proof of delivery) ලෙස භාවිතා කළ හැකි වනවා.

විකාර සහගත මෙම වංචනික සිදුවීම් පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

මිට අමතරව මෑත සතිවලදී, සමාජ මාධ්‍ය කණ්ඩායම් වංචාවන් පිළිබඳවද වැඩි වශයෙන් වාර්තා වූ බවද සඳහන්.

Latest articles

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

More like this