ආසියානු කුසලාන කාන්තා 19න් පහළ ශූරතාව ඉන්දීය ක්‍රීඩිකාවන් ජය ගනී

Published on

ආසියානු කුසලාන කාන්තා වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් අද සමත් වුණා.

ඒ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී අද පැවති අවසන් තරඟයේදී බංගලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 41කින් පරාජයට පත් කරමින්.

මෙම තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දිය යොවුන් ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස්කළා.

ලකුණු 118ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 76ක් පමණයි.

මේ අනුව මෙම තරඟය ලකුණු 41කින් ජය ගත් ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

මේ අතර පසුගියදා පැවති වයස අවුරුදු 19න් පහළ පිරිමි පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන තරඟාවලියේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් පරාජය කළ බංගලාදේශ යොවුන් ක්‍රීඩකයින් එහි ශුරතාව දිනා ගත්තා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this