විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන විපක්ෂ නායක විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය පවසනවා.
ඒ අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.40ට පමණයි.
ඊයේ (18) දිනයේ දී පැවැති පාර්ලිමේන්තු සභා වාරයේ දී විපක්ෂ නායකවරයා සිය අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත්, ඒවා පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැති බවයි අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.