ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිටයි ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ.